ඉස්සරහට ගුරුවරයෙක් උගන්වන පරිච්ජේද අටට “නඩු අටක්” වැටෙනවා - නීතීඥ කල්‍යානන්ද
By Kaushi
නිතීවේදී කල්‍යානන්ද තීරණාගම මහතා විසින් ලංකාවේ ගුරුවරුන්ට ඉදිරියේ දී ආණ්ඩුවෙන් “පීරියඩ් නඩු” වැටෙන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති ළමා හිංසන වැලැක්වීමේ සම්මන්ත්‍රණයක් අමතමින්.
සම්මන්ත්‍රණය අමතමින් කල්‍යානන්ද මහතා සඳහන් කළේ වාචික හිංසනට නව නීති ගෙන එන විට, ගුරුවරයකුට උගන්වන පරිච්ජේද අටක කාලයට “නඩු අටක්” වැටෙන තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
එමෙන්ම 1995 සිට ළමා අපයෝජන නීති ක්‍රියාත්මක වූවත්, ගුරුවරුන්ට විරුද්ධව පොලිසිය නඩු පවරන තත්ත්වය නොතිබූ නමුත් නව පනත් කෙටුම්පත් යටතේ ගුරුවරුන්ට ශාරීරිකව හෝ වාචිකව දඩුවම් කිරීම සම්පූර්ණයෙන් තහනම් වන බවත් ඔහු අවධාරණය කියා සිටියා.
එබැවින් මේ නිසා පාසල් විනය නීතිගතව බිඳ වැටුණහොත්, අනාගත පුරවැසියන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් බරපතළ ආඝාතයක් සිදු විය හැකි බව ද ඔහු කියා සිටියා.