නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරට මහින්ද ශෝකය පළ කරයි

Report

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් කරන ඩක්කුවක් කඩාවැටීමෙන් ඊයේ(24) රාත්‍රියේදී සිදුවූ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.

මෙම අනතුරෙන් භික්ෂූන් වහන්සේලා හත් දෙනෙකු අපවත්වීමත්, තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටීමත් වාර්තා වෙනවා.

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා

පන්සියගම පොලිසිය විමර්ශන සිදුකරන අතර, ඩක්කුවේ ආධාරක කම්බියක් කැඩී යාම බවට සැක පළ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය Facebook පිටුවේ පළ කළ ශෝක සටහන;

"මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී සිදුවූ ඛේදජනක අනතුර මගින් අපවත්වූ භික්ෂූන් වහන්සේලාගේ මරණය ගැන ගැඹුරු ශෝකයෙන් පිරි වෙමින් සිටිමි. මෙම හිමිවරුන්ගේ නිවන සුව ප්‍රාර්ථනා කරමින්, ඔවුන්ගේ පවුල්වලට සහ සේනාසනයට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. තුවාල ලබා රෝහල්ගතව සිටින හිමිවරුන්ගේ ඉක්මනින් සුවය ඇතිවීමට ප්‍රාර්ථනා කරමි. මෙවැනි අනතුරු ඉදිරියේදී වළක්වා ගැනීමට අදාළ ආරක්ෂක පියවර ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි."

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

ගුරුවරුන්ට තවත් ප්‍රශ්නයක්, පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් රජයේ පාසල්වල ගුරුවරු ලෙස පුහුණු වෙයි

ගුරුවරුන්ට තවත් ප්‍රශ්නයක්, පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් රජයේ පාසල්වල ගුරුවරු ලෙස පුහුණු වෙයි