උක් ප්‍රශ්නෙ තවත් තිත්ත වෙයි, ගොවීන් 500ක් සාධාරණය ඉල්ලා පැල්වත්තෙදි උණුසුම් වෙයි
අද (02) දින පන්සියයකට ආසන්න උක් වගාකරුවන් පිරිසක් දැඩි විරෝධතාවක නිරතව ඇති බව වාර්තා වේ.
ඒ පැල්වත්ත සීනි සමාගම මඟින් උක් අස්වනු මිලදී ගැනීමට අදාළ ගෙවීම් මාස තුනක් ඉක්මවා ගියද තවමත් නිරවුල් කර නොතිබීම සහ ගිනි ගැනීම්වලින් හානි වූ උක් වගාවන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු ගැටලු කිහිපයකට ස්ථිරසාර විසඳුම් ඉල්ලමින්.

ඉන්දීය රුපියල් කලාපීය වෙළෙඳාමට - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සමඟ ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක්
ඒ අනුව අද උදෑසන සමාගම් පරිශ්‍රයට රැස් වූ මෙම පිරිස, තම අස්වැන්න සඳහා හිමි මුදල් පිළිබඳව ප්‍රශ්න කිරීමට එහි ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල අසලට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී ඔවුන් එම පරිපාලන කාර්යාලය ඉදිරිපිට බිම වාඩි වී තම විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර එම අවස්ථාවේම බුත්තල පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ ඇත.
කෙසේ වෙතත් එහිදී ගොවීන් විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ බලධාරීන්ගෙන් තමන් අපේක්ෂා කරන නිශ්චිත පිළිතුරක් ලැබෙන තුරු කිසිසේත් එම ස්ථානයෙන් බැහැර වී නොයන බවයි.