මාරක රෝග තුනක් - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරලා

Report

මාරක රෝග තුනක් පැතිරවීමේ හැකියාව ඇති මදුරුවන් විශේෂ දෙකක් ප්‍රථම වතාවට බ්‍රිතාන්‍යයේදී හඳුනාගැනීමත් සමඟ එරටට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. එංගලන්තයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය මගින් ඊජිප්තු මදුරුවාගේ (Aedes aegypti) සහ කොටි මදුරුවාගේ (Aedes albopictus) බිත්තර මෙලෙස සොයාගත් බව වාර්තා වේ.

තලපති විජේ අත්අඩංගුවට? තමිල්නාඩුවේ කැළඹීමක්

තලපති විජේ අත්අඩංගුවට? තමිල්නාඩුවේ කැළඹීමක්

එමෙන්ම නිවර්තන කලාපීය මාරක රෝග පතුරන මෙම මදුරු විශේෂයන්ට ඩෙංගු උණ (dengue fever), චිකුන්ගුන්යා (chikungunya) සහ සිකා වෛරස් (Zika viruses) යන රෝග රැගෙන යාමට හැකියාව ඇත.

වසර පහක අධීක්ෂණයකින් පසුව, එංගලන්තයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියවිසින්2023 දී පළමු වරට ඊජිප්තු මදුරු බිත්තරහීත්‍රෝ ගුවන්තොටුපළ අසල භාණ්ඩ ගබඩා පහසුකමකදීසොයා ගෙන තිබුණා.

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

ඊට පසු වසරේ එනම් 2024 සේවා ස්ථානයක් අසලින්කොටි මදුරු බිත්තර හමු වී ඇති අතර 2020 සිට 2025 දක්වා කාලය තුළ එංගලන්තයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියේ පර්යේෂකයන් දිවයින පුරා මුහුදු වරායන්, ගුවන් තොටුපළවල් සහ මහාමාර්ගවල ප්‍රවාහන මධ්‍යස්ථානවල විශේෂිත කෘමි උගුල් ස්ථාපනය කර ඇත.

මීට පෙර ඊජිප්තු මදුරුවා සහ කොටි මදුරුවා අප්‍රිකාවේ සහ ආසියාවේ උපනිවර්තන කලාපවලට පමණක් සීමා වී තිබූ අතර රෝග වාහක මෙම පීඩාකාරී සතුන් දැන් ඔවුන්ගේ ස්වදේශික භූමියෙන් ඔබ්බට ව්‍යාප්ත වී ඇති අතර, කොටි මදුරුවන් දකුණු හා මධ්‍යම යුරෝපයේ ජනගහනයන් ස්ථාපිත කර තිබීම පිළිබඳ අවධානය යොමුව ඇත.

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

වර්තමාන සාක්ෂිවලින් පෙනී යන්නේ මෙම සිදුවීම් සීමිත ආක්‍රමණබවත්, කොටි මදුරුවා හෝ ඊජිප්තු මදුරුවා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත වී නොමැති බවයි. කෙසේ වෙතත්, උණුසුම් වෙමින් පවතින දේශගුණය සහ වැඩි වැඩියෙන් මෘදු වන ශීත කාලගුණය හේතුවෙන් මෙම ආක්‍රමණශීලී විශේෂයන් බ්‍රිතාන්‍යයේ ස්ථාපිත වීමේ අවදානමක් පවතින බවට විශේෂඥයෝ කනස්සල්ල පළ කරන අතර ලිවර්පූල් විශ්ව විද්‍යාලයේආක්‍රමණශීලී මදුරුවන් ව්‍යාප්ත වීම පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය සිරිල් කැමිනේඩ් ප්‍රකාශ කළේ, “මෙම විශේෂයන්ගේ පැවැත්ම අනාගතය සඳහා අනතුරු ඇඟවීමක්.මන්ද දේශගුණික විපර්යාස තත්ත්වයන් එක්සත් රාජධානිය තුළ විශේෂ දෙකටම වඩාත් සුදුසු වෙනවා”ලෙසයි.  

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න