කප් එක ඕනේ නම් ඔෆිස් එකට ඇවිත් මගෙන් ගන්න, ලොකුකම් දාපු ඉන්දියාවට ACC සභාපතිගෙන් සැර උත්තරයක්

Report

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අවසන් වී අද එනම් 02 දා ට දින 4ක් සම්පූර්ණ වුවත් ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ක්‍රීඩකයින් වෙනුවෙන් පිරිනමන පදක්කම් ලැබී නොමැති බව පවසයි.

ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (1) දින ඩුබායි හිදී පවත්වා තිබෙනවා.

එම අවස්ථාවේදී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ජයග්‍රාහකයින්ගේ පදක්කම් ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති බව සඳහන්.

අඳාළ රැස්වීම සඳහා ඉන්දීය ක්‍රිකට් උප සභාපති රජීව් ශුක්ලා ඇතුළු කිහිප දෙනෙකු සූම් තාක්ෂණය හරහා සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

මේ අතර ඉන්දියාවට කුසලානය ලබාදීම පිළිබඳව තම 'X' ගිණුමේ සටහනක් තබමින් මොහ්සින් නක්වි කියා ඇත්තේ ඉන්දියාවට කුසලානය ලබාදීමට තමන් එදිනම සූදානම්ව සිටි බවයි.

එසේම තමා තවමත් ඒ සඳහා සූදානම්ව සිටින බව ඔහු කියා ඇත.

ඒ අනුව නක්වි සිය 'X' ගිණුමෙහි දක්වා තිබුණේ,

"ACC සභාපතිවරයා ලෙස මම එදිනම කුසලානය ලබාදීමට සූදානම්ව සිටියා. මම තවමත් සූදානම්. ඔවුන්ට කුසලානය ඇත්තටම ඕනනම් , ACC කාර්යාලයට ඇවිත් මගෙන් ලබාගන්න. ඒ සඳහා ඔවුන් සාදරයෙන් පිළිගන්නවා" යනුවෙන්.   

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි