අලුත් විෂයන් දෙකක් සමග පාසල් නිර්දේශය වෙනස් වේ, ගුරුවරුත් බඳවා ගැනේ

Report

නව රජය බලයට පත්වීමත් සමගම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් රැසක් සිදු කිරීමට නියමිත වේ.

ඒ අනුව පාසල් විෂය නිර්දේශයට මනෝ විද්‍යාව සහ උපදේශනය විෂයන් දෙකක් ලෙස හඳුන්වාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කරයි.

පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වා ගැනීම සඳහා මනෝ උපදේශන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩසටහනකදී ඇය මේ බව සඳහන් කළා.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

 සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රමවත් සැලැස්මකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය අවධාරණ කර සිටියා. එම සාකච්ඡාවේදී ළමා හිංසනය මත්ද්‍රව්‍ය හා අපයෝජන වැනි ගැටලු එකම තැනකින් විසඳා ගත හැකි ක්‍රමවේදයක් ගැනත්, ධනාත්මක විනය පාලන ක්‍රම ගැනත් අවධානය යොමු කෙරුණා.

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

මේ වන විට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ළමා ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින අතර, එය පළාත් 5ක් ආවරණය වන පරිදි පාසල් 50ක නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්

අද මේ ලග්නවලට මල් හතයි, කරන කියන හැමදේම සුබයි

අද මේ ලග්නවලට මල් හතයි, කරන කියන හැමදේම සුබයි