මෙච්චර අසීරුවෙන් හරි රනිල් මෙවර ජනාධිපතිවරණයේදී ජන වරම ඉල්ලන්නේ ඇයි කියලා ඔබ දැනගෙන හිටියද?

Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024 srilanka presidential election 2024 slpresidentialelection sriLankaelectionupdates
By Wayomi Sep 12, 2024 03:02 PM GMT
Wayomi

Wayomi

Report

පොහොර මිල අඩු කරන බවට සහ ගොවි ණය කපා හරින බවට අද ප්‍රකාශ කරන සජිත් හා අනුර එදා මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට සිටියේ කොහොදැයි තමා ප්‍රශ්න කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තමා ලෝක නායකයන්ට කථා කර පොහොර සහනාධාර ලබා ගැනීමට කටයුතු කිරීම නිසා ගොවියා නැවත ගොවි බිමට යවා රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද ජනාධිපතිවරයා සිහිපත් කළා.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


එමෙන්ම අද ජනතාවගේ ජිවන බර ගැන කථා කරන සජිත් හා අනුර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට කිසිඳු සහායක් ලබා නොදුන් බවද ජනාධිපතිවරයා කියා සිටියේ, ඊයේ (11) පස්වරුවේ කල්මුණේ, සයින්දමරදු ෆවුසි ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

මෙහිදී ඔහු තවදුරටත් කියා සිටියේ, ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැන ගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලන බවත්, තමා මෙවර ජනාධිපතිවරණයේදී ජන වරම ඉල්ලා සිටින්නේ රටේ අනාගතය වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙන යාමට බවත්ය.

එමෙන්ම ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ග වූ වෙළෙඳාම සහ ගොවිතැන නැති වුවහොත් එම ජනතාවට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවයි. එබැවින් මෙරට වෙළඳාම සහ ගොවිතැන ශක්තිමත් කළ හැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් විමසන ලෙස ජනතාවට පැවසූ ජනාධිපතිවරයා තමා ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ සැලසුම් සමඟ බවද කියා සිටියා.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.


එසේම තමා කිසිවිටෙකත් ජනවාර්ගික ප්‍රශ්නය සහ ආගමික ප්‍රශ්නය පදනම් කර ගනිමින් මැතිවරණ නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙන බවත්, අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවල පොරාන්දු දෙන විට තමා ජනතාව ඉදිරියට පැමිණෙන්නේ පොරොන්දු ඉටු කර බවද සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්රමසිංහ වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"ඔබට ආහාර නොතිබු අවස්ථාවේ මම ආහාර ලබා දුන්නා. ඔබට ඖෂධ, පොහොර, ඉන්ධන සහ ගෑස් නොතිබු අවස්ථාවේ මම එම අවශ්‍යතා සපුරා දුන්නා. ඔබට බලාපොරොත්තු නොතිබු අවස්ථාවේ මම බලාපොරොත්තුවක් ලබා දුන්නා.

ඔබ ආහාර නැතිව කුසගින්නේ සිටීම මට වේදනාවක් වුණා. ඔබ ඉන්ධන, ගෑස්, පොහොර නැතිව සිටිනවා දුටු විට මම කණගාටු වුණා. රටේ ජනතාව දුක් විඳිනවා දැක මම කණගාටු වුණා. කිසිවෙක් රටේ වගකීම භාර නොගත් නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනය පරිදි මම ජනාධිපති ධූරය භාරගත්තා.

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)


එදා සජිත්ට ජනතාව විදින මේ වේදනාව දැනුණේ නැද්ද, ඔවුන් කිව්වා මේ ලෙඩේ අපි භාර ගන්නේ නැහැ කියලා. ඔවුන්ගේ හෘදසාක්ෂිය කුමක්ද කියා මම අහනවා. පොහොර මිල අඩු කරනවා, ගොවි ණය නැති කරනවා කියලා අද ජනතාවට පොරොන්දු දෙනවා.

නමුත් ගොවින්ට පොහොරඅවශ්‍ය වෙලාවේ ඔවුන් ජනතාවට පොහොර දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ වෙලාවේ ඔබ හිටියේ කොහේද කියා මම සජිත්ගෙන් සහ අනුරගෙන අහනවා.

අසීරු ජනප්‍රිය නොවන තීන්දු ගනිමින් මම මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. වසා දමා තිබු කඩ සාප්පු මම විවෘත කළා. දැන් අපි රටේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කර තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ට ලැබෙන නව රක්ෂණයට මුදල් බැර වෙන්නේ මෙහෙමයි. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

රාජ්‍ය සේවකයින්ට ලැබෙන නව රක්ෂණයට මුදල් බැර වෙන්නේ මෙහෙමයි. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.


මේ ඡන්දය ජනවාර්ගික ප්‍රශ්න ගැන නොවෙයි. මේ ඡන්දය ආගමික කටයුතු පිළිබඳ නොවෙයි. මුස්ලිම් ජනතාවට තිබු ප්‍රධාන ප්‍රශ්නය මම විසදුවා. භූමදානය කිරීමේ අයිතිය මම ඔබට නීතියෙන් අරන් දෙනවා. අනිත් අය මේවා කතා කරන්නේ මැතිවරණ කාලයටයි. මම මේවා ඡන්ද කාලයේ කථා කරන්නේ නැහැ. මම ඔබ හමුවට පැමිණ සිටින්නේ ඒ වැඩකොටස ඉටුකරලයි. දැන් තිබෙන්නේ එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පමණයි. මම දැන් ජමහල් මුස්ලිම් පල්ලියත් නැවත ලබා දී තිබෙනවා. දැන් මේ පළාතේ ජනතාවට ආගම ගැන කතා කරන්න දෙයක් නැහැ.

මුස්ලිම් ජනතාව වෙළඳාම් කරනවා. ඒ වගේම ගොවිතැන් කරනවා. වෙළඳාම සහ ගොවිතැන නැති වුණොත් මුස්ලිම් ජනතාව අසීරුතාවට පත් වෙනවා. ඒ නිසා වෙළඳාම සහ ගොවිතැන දියුණු කරන්න පුළුවන් කාටද කියා ඔබ මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න.

අප ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ලබා දිය යුතුයි.රුපියල ශක්තිමත් කර අප ජනතාවගේ ජීවන බර අඩු කරනවා.

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.


අද ජීවන බර වැඩියි කියන සජිත්ගෙන් සහ අනුරගෙන මම අහනවා ඇයි ඔබ මේ රට භාරගෙන ජනතාවගේ ජීවන බර අඩු කළේ නැත්තේ කියලා. ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් බියේ පැන ගියා. මට මේ රට භාර ගැනීමට සිදු වුණා. දැන් මම රට ඉදිරියට ගෙන යාමේ වගකීම භාරගෙන තිබෙනවා. ඒ නිසා සජිත් සහ අනුර ගැන නැවත විශ්වාසයක් තැබිය හැකිද කියා මම අහනවා.

අද මම මෙහි පැමිණෙන විට හොද සාප්පුවක් දැක්කා. එම සාප්පුවේ ලේස් සපත්තු කුට්ටමක් තිබ්බා. සජිත් මෙහි පැමිණි විට ඔබ එය ඔහුට අරන් දෙන්න. එතකොට ඔහුට දුවන්න පහසුයි.

අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යමු. අප මේ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය දියුණු කරනවා. කෙතරම් අසීරු වුවත් 2023, 2024 යල මහ කන්නවලදී මේ රටේ ගොවි ජනතාව අපට සාර්ථක අස්වැන්නක් ලබාදුන්නා. ඒ අනුව දැන් ගොවි ජනාතවගේ අත මිට සරු වී තිබෙනවා. මෙම ලෝක නායකටන් කථා කරලා අසීරුවෙන් ලබාගත් පොහොර නිසා මෙම දියුණුව ලබා ගැනීමට හැකි වුණා. ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාසයි, මුස්ල්ම් කොංග්‍රසයයි හිටියේ කොහේද කියා මම අහනවා.

ඔන්න මාධ්‍ය ආයතන අතේ තමා වැඩේ තියෙන්නේ. - මෙන්න මේ නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ.(UPDATE)

ඔන්න මාධ්‍ය ආයතන අතේ තමා වැඩේ තියෙන්නේ. - මෙන්න මේ නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ.(UPDATE)


අප පේදුරුතුඩුවේ සිට පානම දක්වා විශාල සංචාරක කලාපයක් ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් පලාලි, හිගුරන්ගොඩ, මත්තල යන ගුවන් තොටුපොළ දියුණු කරනවා. සමන්තුරේ ආයෝජන කලාපයක් ඇති කරනවා. ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කරනවා. මම ජනතාව ඉදිරියට එන්නේ සැලසුම් සමඟයි.

මෙම ජනාධිපතිවරණයේදී මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ජනවරමයි. සජිත් කියන්නේ හැමදේම නොමිලේ දෙනවා කියලා. රටක් එහෙම සංවර්ධනය කරන්න බැහැ.

ආර්ථික අර්බුදය හමුවේ බයවෙලා පැන ගිය අය දැන් ඒ අයගේ අනාගතය වෙනුවෙන් බලය ඉල්ලනවා. මම ආවේ මේ රටේ ජනතාවගේ අනාගතය ගැන හිතලයි. ඒ නිසා ඔබේ අනාගතය ගැන සිතා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගහන ලෙස මම ඉල්ලනවා."

කරද්දී බලාගෙන. - රතු කට්ට පන්නපු ලංකාවේ ජනප්‍රිය යූටියුබර් අත්අඩංගුවට.? - ඉහලින් ආ විශේෂ නියෝගය මෙන්න.- (VIDEO)

කරද්දී බලාගෙන. - රතු කට්ට පන්නපු ලංකාවේ ජනප්‍රිය යූටියුබර් අත්අඩංගුවට.? - ඉහලින් ආ විශේෂ නියෝගය මෙන්න.- (VIDEO)

ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම් ගෙනා මෙන්න තවත් සුපිරි ජයග්‍රාහණයක්. (වීඩියෝව සහිතයි )

ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම් ගෙනා මෙන්න තවත් සුපිරි ජයග්‍රාහණයක්. (වීඩියෝව සහිතයි )