නව රජයෙන්, තවත් පත්කිරීම් ද්විත්වයක් - ඒ මෙන්න මෙහෙමයි..(PHOTOS)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ තිබෙනවා.
එයට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පිරිනැමිණ.
ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ. ආර්. උඩුවාවල මහතා පත් කර ඇත.
එමෙන්ම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතා පත් කර තිබේ.
කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video 👇
.




