අස්වැසුම තියෙනව ද?. නැද්ද?. අස්වැසුමෙන් ජනතාවට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ය.
ඒ අනුව අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට එයට අයදුම් කිරීම සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ලබා දී තිබිණ.
නමුත්, රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගත් බව එම නිවේදනයේ සඳහන් වේ.
You May Like This Video 👇
.