සුළි කුණාටුව තවත් දරුණු වෙයි..ලංකාවට ආසන්නයේ තිබෙන බැවින් මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.

Report

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් ස්ථාපිතව තිබුණා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බවයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව දැනුම්දී ඇත.

අද ලග්න කිහිපයකට වාසනාවෙ දොර ඇරලා පේනවා..ටිකට් එකක් අනිවාර්යෙන් අරගන්න..

අද ලග්න කිහිපයකට වාසනාවෙ දොර ඇරලා පේනවා..ටිකට් එකක් අනිවාර්යෙන් අරගන්න..


දිවයිනේ උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි. මී.150ට වැඩි ඉතා තද වැසි ද ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇතිවන බවත් දැනුම් දෙයි.

උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව නිවේදනය කර ඇත.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 60-70ක පමණ ඉතා තද සුළං ඇතිවිය හැක.

ජනපති අනුරගේ අත්සන සහිත මුදල් නෝට්ටු ගැන ප්‍රබලයෙක් ගෙන් දැනුම්දීමක්..

ජනපති අනුරගේ අත්සන සහිත මුදල් නෝට්ටු ගැන ප්‍රබලයෙක් ගෙන් දැනුම්දීමක්..


දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 තද සුළං ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video