මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Report

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බවයි.

නව රජයෙන්, තවත් පත්කිරීම් ද්විත්වයක් - ඒ මෙන්න මෙහෙමයි..(PHOTOS)

නව රජයෙන්, තවත් පත්කිරීම් ද්විත්වයක් - ඒ මෙන්න මෙහෙමයි..(PHOTOS)

ඒ මහතා මේ බව සඳහන් කළේ මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

එහිදී තවදුරත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,

"දළ දේශීය නිෂ්පාදිනයේ ප්‍රතිශතය අනුව සෑම වසරකම විදේශ ණය වශයෙන් උපරිම ගෙවන්න තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5යි. එතකොට 2027 වෙනකම් පොලිය විතරයි ගෙවන් තියෙන්නේ. සමහර ණය ගෙවීම දික්කරලා තියෙනවා 2040 වෙනකම්, සමහර ඒවා 2038 වෙනකම්, සමහර ඒවා 2032 වෙනකම්. එහෙම දීර්ඝ කාලීනව ණය ගෙවන ක්‍රමයක් තුළ 2028දී එකපාරටම මේ ටික ගෙවන්න වෙන්නේ නෑ. ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්. අපට ණය දීපු අය දකිනවානම් අපට මේ ණය නැවත 2028දී ගෙවාගන්න බෑ කියලා, ඒ ගොල්ලෝ එකඟ වෙන්නේ නෑනේ මේ අවුරුදු ගාණන ණය ප්‍රතිව්‍යුහගතකරන්න.."

You May Like This Video👇 

.