අම්පාරේ ට්‍රැක්ටර් අනතුර - හදවත් සංවේදී කරමින්.. තවත් සිසුවෙක්ගේ සිරුරක් සොයාගෙන..(UPDATE)

Report

UPDATE;

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වනවිට සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, එම අතුරුදන් අනෙක් සිසුන් දෙදෙනා, ට්‍රැක්ටර් රථයේ රියදුරා හා සහායකයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.

___________________________________________

ලංකාවම සංවේදී වුණ.. අම්පාරේ ට්‍රැක්ටර් අනතුරෙන් මිය ගිය සිසුන් ගැන තවත් ආරංචියක් මෙන්න..

අම්පාරේ දී ට්‍රැක්ටරයක් ගංවතුරට හසු වී පෙරලී යාමෙන් අනතුරක් සිදු විය.

එහිදී අතුරුදන් වූ තවත් පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු අද(27) සොයා ගෙන තිබෙනවා.

ඒ ඊයේ සිට මේ දක්වා පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් සමග එක්ව සිදුකළ මෙහෙයුම්වල දී ය.

එම අතුරුදන් අනෙක් සිසුන් තිදෙනා, ට්‍රැක්ටර් රථයේ රියදුරා හා සහායකයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුව ගසාගෙන යෑමේ සිදුවීම ඊයේ (26) පස්වරුවේ වාර්තා විය.

එලෙස අනතුරට ලක්වුණේ නින්දවූර් මද්‍රසා පාසලේ සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් වේ.

එම පාසලට නිවාඩු ලබාදී තිබිණ.

ඒ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ය.

ඒ වනවිටත් අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගය මෙන්ම දෙපස පිහිටි වෙල්යාය මාවඩිපල්ලි පාලම අසළින් වැසි ජලයෙන් යට වී තිබිණ.

ජනපතිගේ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩපිළිවෙළට ප්‍රබලයෙක් කීව දෙය.. සහයත් දෙනවලු.. (PHOTOS)

ජනපතිගේ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩපිළිවෙළට ප්‍රබලයෙක් කීව දෙය.. සහයත් දෙනවලු.. (PHOTOS)

මේ හේතුවෙන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි දරුවන්ට සිය නිවෙස් වෙත යෑමට නොහැකි වී තිබෙනවා.

එහිදී සිසුන් 11 දෙනෙකු සමන්තුරේ දෙසට ගමන්කරන ට්‍රැක්ටර් රථයකට ගොඩවී ඇත.

සිසුන් රැගත් ට්‍රැක්ටරය මාර්ගයේ ජලයෙන් යටවූ ස්ථානය හරහා ගමන් කරමින් තිබියදී එය අනපේක්ෂිත ලෙස සැඩපහරකට හසුව පෙරළී ඇත.

එහිදී ට්‍රැක්ටර් රථයේ සිටි පිරිස සැඩ පහරේ ගසාගෙන ගොස් තිබෙනවා.

ඒ බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් ඒ අතරින් සිසුන් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

නමුත් සෙසු පිරිස අතුරුදන්ව තිබුණි.

කෙසේ වෙතත්, මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් 6 දෙනෙක්, ට්‍රැක්ටර් රථයේ රියදුරා සහ සහායකවරයාය.


You May Like This Video👇 

.