මෙරටට හදිසියේම විශාල ලාභයක්.. මෙරට ආර්ථිකය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්...
2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව ජනාධිපතිවරයා පවසනවා.
ඒ අනුව වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මේ අතර 2022 දී 7.8%කින් හැකිළුණ මෙරට දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව කාර්තු 6ක් සෘණ වර්ධනයක් වාර්තා කළ නමුත් 2023 තුන්වන කාර්තුවේදී එය 1.6%ක වර්ධනයක් අත්පත් කර ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
කඩා වැටුණු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට ග්‍රීසියට වසර 10කට වැඩි කාලයක් ගත වූ නමුත් ශ්‍රී ලංකාවට ඉතා කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බව ජනපතිවරයා පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.