ජනපති බලාපොරොත්තු රැසක් එක්ක යළි දිවයිනට එයි..
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයකට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම යළි දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා සිංගප්පූරූවේ සාර්ථක නිල සංචාරයක නිරත වුණු අතර එහිදී එරට ජනාධිපතිනිය, අගමැතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයා ද මුණගැසුණා.
සිංගප්පූරුවේ අගමැතිවරයා සමඟ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබූ ජනපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ආරක්ෂාව වෙනුවෙන් සාර්ථක සාකච්ඡා මාලාවකට ද සහභාගි වීම විශේෂත්වයක්.