රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන්

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Government Employee Sri Lanka Sri Lanka Government
By Sithumi Aug 21, 2022 11:13 AM GMT
Sithumi

Sithumi

Report

වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.. කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නොමැති අතර, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවයි ඔහු කියාසිටියේ.

පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේ එක්සත් ජාතික පක්ෂය වන අතර, ඉදිරියට ද රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන ලෙසට සියලුදෙනාට ආරාධනා කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now