ජාත්‍යන්තර උණුසුම අතර ට්‍රම්ප්ට රනිල්ගෙන් විවේචනාත්මක ප්‍රතිචාරයක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනෙකුත් රටවල ආණ්ඩු බලය වෙනස් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කිසිසේත්ම පිළිගත නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පැවසීය.
ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිදුකරන ප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතියට පටහැනි බවත්, එවැනි මැදිහත්වීම් ලෝක සාමයට බලපෑම් ඇති කරන බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
"අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ බලහත්කාරයෙන් ආණ්ඩු වෙනස් කිරීම ඉතා ගැඹුරු ගැටලුවක්. මෙය ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට යහපත් නොවේ. අපි සැමවිටම ජාත්‍යන්තර සබඳතාවලදී සංයමය සහ සාකච්ඡා මගින් ගැටලු විසඳීමට කැමැත්තෙමු"
යනුවෙන් ඔහු පැවසීය.
"ඉරානයේ තෙල් නැති වුණා කියලා විශාල හිඟයක් වෙන්නේ නෑ. අනික් රටවල් ඊට වඩා තෙල් නිෂ්පාදනය කරනවා. හැබැයි ඉරානය විසින් ඒ අසලින් එන තෙල් නැව්වලට බොම්බ දැමීමකින් නැව් නැවැත්තුවොත් ඒක විශාල ප්‍රශ්නයක්. දැනට ඒක සිදුවෙලා නෑ. ට්‍රම්ප් ජනාධිපති ඊශ්‍රායලයත් එක්ක එකතුවෙලා කළේ ඉරානයේ නායකත්වය නැති කරන්න.
කෙසේ හෝ ආණ්ඩුවක් ඉවත් කරනවා නම් මේ ක්‍රමවේදය පිළිගන්න බැහැ. ස්විස්ටර්ලන්තයයි නොර්වේ එහෙම කියන්නනේ මේක ජාත්‍යන්තර නීති සහ සම්ප්‍රදායන් අනුව සුදුසු නැහැ කියලා. ට්‍රම්ප් ජනාධිපති බලන්නේ එයා කැමති විදියට ලෝකේ වැඩකටයුතු කරගෙන යන්න. එත් මේක අපිට හොඳ නෑ. මේක ඉතා ගැඹුරු ප්‍රශ්නයක්..."