මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වන්න රනිල් සහ සජිත් බොරැල්ලට පැමිණෙයි

Report

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තිබුණි ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියේය.

ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ මරියසෙල් ගුණතිලක මහත්මිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 10වැනිදා අලුයම අභාවප්‍රාප්ත විය.

තව පැය කිහිපයකින් ඇය සදහටම සමු ගයි - අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකට ජනපතිගෙනුත් අවසන් ගෞරව

තව පැය කිහිපයකින් ඇය සදහටම සමු ගයි - අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකට ජනපතිගෙනුත් අවසන් ගෞරව