අල් ජසීරා උණුසුම් කල රනිල්

By Zara Mar 06, 2025 08:57 PM GMT
Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය පෙබරවාරි මාසයේ සිදු කළ එංගලන්ත සංචාරය අතරතුර ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් අද (06) විකාශය කෙරුණා.

අවස්ථා කීපයකදීම උණුසුම් වූ එම සාකච්ඡාවේදී ප්‍රශ්න කෙරුණේ අරගලය, ආර්ථික අර්බුදය සහ පාස්කු ප්‍රහාරය වැනි මාතෘකා කිහිපයක් පිළිබඳවයි.

මේ අතර අල්ජසීරා නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අද (06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දක්වා තිබුණි.

සම්මුඛ සාකචිඡාවේ අන්තර්ගත වූ කරුණු රැසක් මාධ්‍යට නිකුත් කර නොමැති බවට ඔහු එහිදී කියා සිටියා. "අල්ජසීරා නාලිකාවේ සාකච්ඡාව අපේ වගේ නෙමෙයි. අපේ සජීවීව අරගෙන සියල්ලම දානවා. හොඳයි නරකයි දෙකම. අල්ජසීරා පැය 2ක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ. සමහර හොඳ ඒවා තිබුණා. දාලා නැහැ. ඔක්කොම දැම්මා නම් තත්ත්වය මීට වඩා වෙනස්."

මර්වින් සිල්වා එක්ක තව තුන් දෙනෙක් රිමාන්ඩ්

මර්වින් සිල්වා එක්ක තව තුන් දෙනෙක් රිමාන්ඩ්

දේශබන්දු ගැන පොලිසියට පොලිස් නියෝජ්‍ය ඇමතිගෙන් ඔත්තුවක්

දේශබන්දු ගැන පොලිසියට පොලිස් නියෝජ්‍ය ඇමතිගෙන් ඔත්තුවක්