හිටපු ජනාධිපතිවරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයින් පිරිසක් රහස් මීටීන් එකක්
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ඇතුළු විපක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයින් පිරිසක් කොළඹදී හමුවී සුහද කතාබහක නිරත වී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේදී මෙම විශේෂ හමුව සිදුව ඇත.
කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, එහිදී හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මෙන්ම හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරුන් මෙලෙස එකිනෙකා හමුවී සුහද පිළිසඳරක යෙදී සිටියහ.