ඉලෝන් මස්ක්ටත් කලින් ඉන්දියාව පියාඹන යානා හැදුවාද? - රන්බීර්ගේ ප්‍රකාශයෙන් ආන්දෝලනාත්මක කතාබහක්

Report

ඉලෝන් මස්ක් මෑතකදී පියාසර කළ හැකි මෝටර් රථයක් නිර්මාණය කළ බවත්, මීට වසර 5,000කට පෙර ඉන්දියාව සතුව එවැනි තාක්ෂණයක් පැවති බවත් බොලිවුඩ් නළු රන්බීර් කපූර් ප්‍රකාශ කර තිබේ. ඉදිරියේදී තිරගත වීමට නියමිත රාමායණ චිත්‍රපටය පිළිබඳ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන සුමා සමඟ පැවති මෙම සාකච්ඡාවට රන්බීර් කපූර් සමඟ රවී ඩුබේ, රාකුල් ප්‍රීත් සිං, යෂ් සහ චිත්‍රපට අධ්‍යක්ෂ නිතිෂ් තිවාරි ද එක්ව සිටියහ.

එහිදී චිත්‍රපටයේ මනඃකල්පිත අංග සහ අවි ආයුධ පිළිබඳව සාකච්ඡා කරන අතරතුර රන්බීර් කපූර් ඉලෝන් මස්ක්ගේ නවතම පියාඹන මෝටර් රථය පිළිබඳව ද සඳහන් කර තිබේ. "ඉලෝන් මස්ක් මෑතකදී පියාඹන මෝටර් රථයක් නිර්මාණය කළා. මගේ අදහස නම් මීට වසර 5,000කට පෙර ඉන්දියාව එය සිදුකර තිබුණා" යනුවෙන් ඔහු පවසා ඇත්තේ රාමායණයේ සඳහන් පුෂ්පක විමානය සිහිපත් කරමිනි.

මේ අතර, චිත්‍රපටයේ අධ්‍යක්ෂ නිතිෂ් තිවාරි පවසා ඇත්තේ පුෂ්පක විමානයේ අවසන් නිර්මාණ සැලසුම සකස් කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් ගත වූ බවය.

එහි මුල් සැලසුමේ සිට අවසන් නිර්මාණය දක්වා වෙනස්කම් රැසක් සිදුකිරීමට සිදුවූ බවත්, ඒ හේතුවෙන් රාවණා සහ ජටායු අතර සටන් දර්ශනයට අදාළ රූගත කිරීම් සැලසුම් කිරීමේදී ද අවස්ථා කිහිපයකදීම වෙනස්කම් කිරීමට සිදුවූ බවත් ඔහු සඳහන් කර තිබේ.

රාමායණයට අනුව පුෂ්පක විමානය සිතුවිල්ලක වේගයෙන් ගමන් කළ හැකි අතර, එහි ගමන් කරන මගීන් සංඛ්‍යාව අනුව ප්‍රමාණය වෙනස් කරගැනීමේ හැකියාව ද එයට තිබී ඇතැයි විස්තර කෙරේ.

Binance වේදිකාව සලිත කළ ඩොලර් බිලියන 6ක ක්‍රිප්ටෝ කොල්ලයක් - වෙළෙඳපොළට මොකද වෙන්නේ?

Binance වේදිකාව සලිත කළ ඩොලර් බිලියන 6ක ක්‍රිප්ටෝ කොල්ලයක් - වෙළෙඳපොළට මොකද වෙන්නේ?

මෙම පියාසර යානය චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට ද ඇතුළත් කර ඇති අතර, එමඟින් චිත්‍රපට නිර්මාණකරුවන්ගේ දෘශ්‍ය නිර්මාණශීලීත්වය පිළිබඳ ඉඟියක් ලබාදෙයි.

මේ අතර, ටෙස්ලා සමාගමේ නව පරම්පරාවේ රෝඩ්ස්ටර් (Roadster) මෝටර් රථය ද යළිත් අවධානයට ලක්ව තිබේ.

ඉලෝන් මස්ක් ඔක්තෝබර් 15 වැනිදා ටෙක්සාස්හිදී පැවති උත්සවයකදී මෙම මෝටර් රථය ප්‍රදර්ශනය කර තිබුණේ එහි නව මාදිලිය පළමුවරට හඳුන්වා දී වසර දහයකට ආසන්න කාලයකට පසුවය.

ස්පේස්එක්ස් සමාගමේ රොකට් සංවර්ධන හා පරීක්ෂණ මධ්‍යස්ථානයේදී පැවති ප්‍රදර්ශනයකදී එම මෝටර් රථය වක්‍රාකාර බෑවුමක උඩුයටිකුරු ආකාරයෙන් ධාවනය කර, ගුවනේ පෙරළියක් සිදුකර ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.

හින්දු පුරාවෘත්තවලට අනුව පුෂ්පක විමානය නිර්මාණය කර ඇත්තේ දිව්‍යමය නිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන විශ්වකර්ම විසිනි. එය පළමුව බ්‍රහ්ම දෙවියන් වෙනුවෙන් නිර්මාණය කර පසුව ධනයට අධිපති කුවේර දෙවියන්ට තෑගි කර තිබේ.

රාවණා විසින් කුවේර පරාජය කිරීමෙන් පසු එම විමානය අත්පත් කරගත් බවද රාමායණයේ සඳහන් වේ.  

ඩොලර් 120 සීමාවට යන්න ගිය බොරතෙල් මිලට අද මොකද වුණේ? - බ්‍රෙන්ට් සහ WTI අලුත්ම මිල ගණන් මෙන්න

ඩොලර් 120 සීමාවට යන්න ගිය බොරතෙල් මිලට අද මොකද වුණේ? - බ්‍රෙන්ට් සහ WTI අලුත්ම මිල ගණන් මෙන්න