වැඩිම නිලියන් පිරිසක් සමඟ සම්බන්ධතා පැවැත්වූ තවමත් තනිකඩ, කඩවසම් සරාගී නළු රන්බීර් කපූර් - සුරූපී පෙම්වතියන් ලයිස්තුව මෙන්න..PHOTOS)

actor Gossip priyanka chopra Ranbir kapoor Deepika Padukoon
By Sewvandhi Jan 17, 2022 04:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

චොකලට් බෝයි...! එහෙමත් නැත්නම් රන්බීර් කපූර් කියලා කියන්නේ බොහෝමයක් බොලිවුඩ් ගෑණු ළමයින්ගෙ හද ගැස්ම කියලා කිව්වොත් හරි. වයස අවුරුදු 38ක් වෙන මේ අපූරු තනිකඩයාගෙ විවාහය ගැන කවුරුත් ඉන්නෙ නොඉවසිල්ලෙන්.

මොකද රන්බීර් කියන්නෙ ආදර සම්බන්ධතා සම්බන්ධයෙන් බොහොම අපූරු පුවත් මවන්නෙක්. කොටින්ම මේ වෙනකොට බොලිවුඩයේ වැඩිම නිළියන් සංඛ්‍යාවක් සමග සම්බන්ධතා පවත්වපු නළුවා වෙන්නෙත් මේ චොකලට් කොල්ලාම තමයි.

පහළින් තියෙන්නෙ ආලියා භාත් එක්ක පැටලෙන්න කලින් රන්බීර්ගෙ පෙම්වතියන් ලැයිස්තුවෙන් කිහිපයක්.

1. අවන්තිකා මලික්

රන්බීර් අවන්තිකා එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ කැමරාව ඉස්සරහ දස්කම් පෙන්නන්නත් කලින් ඉඳලමයි. ඒත් පස්සෙ කාලෙක අවන්තිකා ඉම්රාන් ඛාන් සමඟ විවාහ වෙනවා.

2. නන්දිතා මහතානි

නන්දිතා මහතානි විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන අතර ඇය සංජේ කපූර්ගේ පළමු බිරිඳ ද වෙනවා. දෙදෙනාගේ වයස අවුරුදු දහයේ පරතරය සැලකිල්ලට ගත්තම රන්බීර් කපූර් සහ නන්දිතා මහතානි අතර ප්‍රේම සම්බන්ධය බොහෝ දෙනෙක් පුදුමයට පත් කළ විදියේ එකක්.

3. ප්‍රියංකා චොප්රා

ප්‍රියංකා චොප්රා රන්බීර් සමඟ අංජානා අන්ජානි චිත්‍රපටයේ රඟපාන අතරතුර තමයි ඔවුන් පෙම්වතුන් බවට පත් වෙලා තියෙන්නෙ. ඔවුන් සැබෑ ජීවිතයේත් පරිපූර්ණ යුවළක් ලෙසද පෙනුණත් ඒ බැඳීමත් වැඩි කල් පැවතුණේ නෑ.

4. සෝනම් කපූර්

සෝනම් කපූර් සමඟ රන්බීර් කපූර් රඟපෑ පළමු චිත්‍රපටය තමයි සාවරියා චිත්‍රපටය. ඔවුන්ගේ සම්බන්ධය පටන් ගන්නෙත් ඒ කාලයේමයි. කොහොම වුණත්, කරන් ජොහාර්ගේ ප්‍රසංගය වන Koffee with Karan වැඩසටහනෙන් පසුව ඔවුන්ට වෙන් වීමට සිදු වෙනවා. රන්බීර් සෝනම්ව රැවැට්ටුවේ දීපිකා පදුකෝන්ට තියෙන ආකර්ෂණය නිසා කියලත් ආරංචියක් තියෙනවා.

5. දීපිකා පදුකෝන්

රන්බීර්ට දීපිකා පදුකෝන් එක්ක පැටලුණු එක ගැන නම් මුළු බොලිවුඩයම සතුටු වුණා. ඔවුන්ගෙ ආදරය අලුත් සන්නාමයක් බිහි කළා. හැබැයි ඒ ආදරයටත් වැඩි ආයුෂ තිබුණේ නෑ.

6. කත්‍රිනා කයිෆ්

ආදර සම්බන්ධතාවයක හිටියා වගේම ඔවුන් බොහෝ චිත්‍රපටවල එකට රඟපෑ නිසාත් විවාහයකට එළඹීම ගැන හිතුවත් තුන්වෙනි පාර්ශවයක් නිසා මෙම යුවළ වෙන් වෙනවා.

7. නාර්ගීස් ෆක්රි

නාර්ගීස් ෆක්රි සහ රන්බීර් කපූර් රොක්ස්ටාර් චිත්‍රපටයේ එකට වැඩ කරන විටයි ඔවුන්ගේ සම්බන්ධය පටන් ගන්නේ. රන්බීර් සහ කත්‍රිනා අතර විරසකයට හේතුව නාර්ගීස් බව තමයි හුඟක් අය කියන්නේ.

8. ඇන්ජෙලා ජොන්සන්

ඇන්ජෙලා සමග සම්බන්ධතාවය ගැන පැපරාසියෝ ප්‍රශ්න කරනකොට රන්බීර් නම් ඒ ගැන හොඳටම තරහා අරගෙන තියෙනවා. ඒ 2011 වසරේ දී. ඇන්ජෙලා නම් නිර්භීතව ඔහු සමඟ පිටතට ගිය බවත් ඒ ගැන මිනිස්සුන්ට ඕනෑම දෙයක් හිතාගැනීමට ඉඩ හරින බවත් පැවසුවා.

9. අමීෂා පටෙල්

රන්බීර් සහ අමීෂා පටෙල් අතර ඇති විය හැකි අනියම් සම්බන්ධය ගැන බොහෝ දෙනා අනුමාන කළා. රන්බීර් කත්‍රිනා සමඟ විරසක වූ පසු අමීෂා සමග පෙම් සබඳතාවයක් පටන් ගන්නවා. ඒ වසරේදී රන්බීර් කපූර්ගේ පෞද්ගලික උපන්දින උත්සවයේ සිටි එකම පුද්ගලයා වෙන්නේ අමීෂා.

10. ශ්‍රැති හසන්

දැන්වීම් රූගත කිරීමකදී රන්බීර් කපූර් සහ ශ්‍රුති හසන්ගේ අතිවිශිෂ්ට රංගනය ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳ බොහෝ උපකල්පන ඇති කළා. එතැන් සිට රසිකයන් ඔවුන්ගේ අපූරු ගැළපීම ගැන කතා කිරීමට පටන් ගත්තා. කොහොම වුණත් ශ්‍රැති නම් ඒ ගැන මාධ්‍යට කිසිම අදහසක් දක්වන්න උනන්දු වුණේ නෑ.

11. මහිරා ඛාන්

රන්බීර් කපූර් පකිස්තාන නිළියක් වන මහිරා එක්ක පටන් ගත්තු සම්බන්ධයත් රසිකයන් අතරේ බොහොම කතාබහට ලක් වුණු එකක්.

හොඳම කතාව ඒක නෙමෙයි. රන්බීර් තවමත් තනිකඩ වුණාට රන්බීර් එක්ක පැටලුණු හැම කෙනෙක්ටම වගේ තමන්ගෙ හරිම ආත්ම සහකරුව මුණ ගැහුණෙ රන්බීර්ගෙන් ලෙහුණට පස්සේ.

දීපිකා, කත්‍රිනා ඊට හොඳ උදාහරණ දෙකක්...!


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGallery