රඹුක්කන ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ගණන ඉහළට..

protest Sri lanka sinhala news today trending news at Rambukkana attack Injured police officers
By krishani Apr 20, 2022 02:52 AM GMT
krishani

krishani

Report

රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වූ ජනතාව විසුරුවා හැරීමේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 29 දෙනෙකු රෝහල්ගත කළ අතර ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

තුවාල ලැබූ පුද්ගලයින් අතර පොලිස් නිලධාරින් 15 දෙනෙකු ද වන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැවසුවේය.

රෝහල්ගත කළ අතර පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

ඉන් එක් අයෙකුට සැත්කම් සිදුකර අවසන් බව කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.

"කෑගල්ල රෝහලට රෝගීන් 29 දෙනෙකු ඊයේ ඇතුළු කළා. සාමාන්‍ය සිවිල් රෝගීන් 14 දෙනෙකුත් පොලිස් නිලධාරීන් 15 දෙනෙකුත් ඇතුළු කළා. ගොඩක් අයට තිබුණේ සුළු තුවාල. ඒ අතරින් එක පුද්ගලයෙක් මියගියා. තිදෙනෙකුට සැත්කම් කළා. දෙදෙනෙක් සැත්කම්වලට භාජනය වෙමින් පවතිනවා. එක් කෙනෙක් සැතැකමක් කරලා ICU එකට දැම්මා."

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් රඹුක්කන ප්‍රදේශයේ ජනතාව ඊයේ (19) අලුයම 01.00 පමණ සිට පැය 12කට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතව තිබුණි.

ඔවුන් දුම්රිය මාර්ගය හරස් කර විරෝධතාවයක නිරත වූ අතර පොලිසිය අවස්ථා කිහිපයකදී ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කළේය.

පොලීසිය සිදුකළ ඉල්ලීමට විරෝධතාකරුවන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join