රාමසාන් දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පණිවිඩය

Report

අද (21) යෙදී තිබෙන රාමසාන් දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පණිවුඩයේ, ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රාමසාන් සමය යනු ලෝකයට ජීවනාදර්ශයෙන් මනුෂ්‍යත්වයේ පාඩම සහ සහෝදරත්වය කියාදෙන සැමරුමක් බව තමා විශ්වාස කරන බවයි.

ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය, ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය, අල්පේච්ඡත්වය සහ පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කම පෙන්වන බවද ජනාධිපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

සුබ ආරංචියක් තෙල් සඳහා පැනවූ නීති රීති දින 30කට ඉවතට

සුබ ආරංචියක් තෙල් සඳහා පැනවූ නීති රීති දින 30කට ඉවතට

මෙවර රාමසාන් උත්සවය සමරන්නට සිදුව ඇත්තේ, සමස්ත ලෝකය දුෂ්කර සහ අභියෝගකාරී තත්ත්වයකට මුහුණදී සිටින අවස්ථාවක බවත්, එම තත්ත්වය කඩිනමින් පහව ගොස් සියලුදෙනාගේ අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිතව රැකගැනීමත්, සාමය, සෞභාග්‍යය සහ සහජීවී ලෝකයක් බිහි වීමට ප්‍රාර්ථනා කරන බවත් ඔහු පවසයි.

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදයි

" ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රකිනු ලැබීමෙන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සැමරෙන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි. ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කමයි. රාමසාන් සැමරුම සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් මානුෂීය සහ සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන්නකි.

රාමසාන් සැමරුමේ මුදුන් අර්ථය බැතිමතුන්ගේ හදවත් තුළ සහකම්පනය රෝපණය කිරීමයි. එනම්, අනෙකාගේ කුසගින්න, එහි වේදනාව තමන්ගේ අත්දැකීමක් කර ගනිමින් සහකම්පනීය සහ සහෝදර හැඟීමෙන් අනෙකාව වැළඳගැනීමට නොපැකිළෙන පුද්ගලයන් ගොඩනැඟීමයි. එම කාලය තුළ රාමසාන්හි සෙසු අර්ථ වන, සාමය, සමානාත්මතාව, සහජීවනය යන උතුම් ගුණාංගවලින් බැතිමතුන්ගේ චර්යාව පෝෂණය වේ. ඔවුන් පුරා මාසයක කාලයක් රාමසාන් උපවාස පිළිවෙත් ඉටු කරන අතර, එම කාලය ඔවුන්ගේ අධ්‍යාත්මික සුපෝෂණය සඳහා වන කාලයයි.

එබැවින්, රාමසාන් සමය යනු ලෝකයට ජීවනාදර්ශයෙන් මනුෂ්‍යත්වයේ පාඩම සහ සහෝදරත්වය කියා දෙන සමයකැ’යි මම විශ්වාස කරමි. මෙවර ඊදුල් ෆිතර් උත්සවය සමරන්නට සිදුව ඇත්තේ සමස්ත ලෝකයම දුෂ්කර සහ අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවකය. මෙම රාමසාන් මාසයේ පිරූ වත්-පිළිවෙත් සහ යාඥාවේ ආශිර්වාදයෙන් මෙම තත්ත්වය කඩිනමින් පහව ගොස් සියලු දෙනා අපේක්ෂා කරන, සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ නිදහස සුරැකෙන, සාමය, සෞභාග්‍යය රැඳෙන සහජීවී ලෝකය බිහි වේවා’යි මම ප්‍රාර්ථනා කරමි. එමෙන්ම, සෙසු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා සේ මෙම අභියෝගයටද අභීතව මුහුණ දෙමින්, එය මනාව කළමනාකරණය කර, මෙරට ආර්ථිකයත්, ජන ජීවිතයත් පීඩාවකින්, බිඳවැටීමකින් තොරව ඉදිරිගාමීව පවත්වාගෙන යාම වෙනුවෙන් අපි රජයක් ලෙස තිර අදිටනින් යුතුව කැප වී සිටිමු."