අධික වර්ෂාවත් සමඟ රාජාංගනය ජලාශයේ වාන් දොරටු ඇරෙයි
By Kanchana
දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘත කර තිබේ.
ජලාශයේ වාන් දොරටු 30ක් පවතින අතර, ඉන් දොරටු දෙකක් විවෘත කිරීමත් සමඟ තත්පරයකට ඝන අඩි 1,164ක ජල ප්රමාණයක් කලා ඔයට මුදාහැරෙන බව වාරිමාර්ග බලධාරීහු සඳහන් කරති.
මේ හේතුවෙන් කලා ඔය අවට සහ පහත් බිම් ප්රදේශවල පදිංචි ජනතාවට ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු උපදෙස් දෙති.