ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට බුද්ධශාසන අමාත්‍යංශයෙන් සාකච්ඡාවක්

Report

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත වැඩම කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බුද්ධශාසන අමාත්‍යංශය විසින් විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත සාකච්ඡාවක් ලබාදී තිබෙන බවත් ඒ සඳහා නියෝජිත භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහභාගී වී ඇති බවත් සඳහන්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ ඉකුත් 10වන දින මහනුවර දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කළ අතර ඒ සඳහා එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (15) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබිය යුතු බව සඳහන් කළා.

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

එසේම ඊයේ රාත්‍රිය ද එම ස්ථානයේ ගත කරමින් ගාලු පාර ආසන්නයේ තාවකාලික අට්ටාල ඉදිකර ගනිමින් සත්‍යග්‍රහයේ නිරත වීමට උන්වහන්සේලා ඇතුළු පිරිස පියවර ගත්තත් ජනාධිපති ලේකම් කාර්යාලය අධි ආරක්ෂිත කලාපයක් වන බැවින් එහි ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

අඳාළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව පොලිසිය විසින් එම අධිකරණ නියෝගය විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත කියවා භාරදීමට කටයුතු කළා.

මෙම අධිකරණ නියෝගය ලැබීමත් සමඟම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට සත්‍යග්‍රහයේ නිරත වූ පිරිස කටයුතු කර තිබුණා.

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අනිද්දට සියල්ල යථා තත්ත්වයට

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අනිද්දට සියල්ල යථා තත්ත්වයට

ශිරන්තිට බයිපාස් සැත්කමක්.. වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ තව ස්වල්ප මොහොතකින් රටම බලන් සිටි නියෝගය

ශිරන්තිට බයිපාස් සැත්කමක්.. වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ තව ස්වල්ප මොහොතකින් රටම බලන් සිටි නියෝගය