අද පස්වරුව වෙන විට මේ ප්රදේශ සඳහා වෙන්න යන දේ මෙන්න - විශේෂ අනතුරු ඇගවිමක්
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවලට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර, දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල මෙන්ම කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.