ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරානයේ 606ක් මරුට

Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය දින 12ක කාලය තුළ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 606දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය අය අතර ගැබිනි කාන්තාවන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් 49දෙනෙකු සිටින බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 05දෙනෙකුද සිටින බවත් වාර්තා වනවා.

එමෙන්ම තවත් 5332 කට තුවාල සිදුව ඇති බවත් 971දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය අමාත්‍ය මොහොමඩ් රූසා ප්‍රකාශ කළා.

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

තුවාල ලැබූවන් අතර සෞඛ්‍ය කාර්ය මණ්ලඩයේ සාමාජීකයින් 20දෙනකු සිටිනවා.

ඔහු කියා සිටියේ ගතවූ පැය 24 තුළ එල්ල කළ ප්‍රහාර වලින් 104 දෙනෙකු මියගොස් 1342 තුවාල ලබා ඇති බවයි.

ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයින් 28 දෙනෙකු මියගොස් 3238 දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.

මීට අමතරව ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූවන් අතර 687ත් දෙනෙකු සැත්කම් සඳහා භාජනය කර ඇති බව සඳහන්ය.

ඇමරිකාව ෆේල් ඇමරිකාවම කියයි - ඉරානයේ න්‍යෂ්ටික බලය පරිස්සමට තියෙනවා

ඇමරිකාව ෆේල් ඇමරිකාවම කියයි - ඉරානයේ න්‍යෂ්ටික බලය පරිස්සමට තියෙනවා

පසුගිය ඉරිදා දින සිට දින කිහිපයක සිටි පැවැති ඉරාන - ඊශ්‍රායල් යුද තත්ත්වය උත්සන්න විය.

ඒ අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුය.

ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට සඳුදා දින මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

B2 ප්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑ

B2 ප්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑ

ඉන් පසු අඟහරවා දිනයේදී ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

ඒ දැඩි කොන්දේසී මතය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජුනි 13 ආරම්භ වූ ඉරාන - ඊශ්‍රායල් යුද්ධය හඳුන්වනු ලැබුවේ "දින 12ක යුද්ධය" යනුවෙනි.

බෝරා සමුළුව අද කොළඹදී

බෝරා සමුළුව අද කොළඹදී