දුම්රිය නියාමක සංගමයේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

Report

දුම්රිය නියාමක සංගමය විසින් අද (10) දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම සංගමය සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකදී අදාළ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි පැය 48 තුළ පරීක්ෂණයක් සිදුකර තීරණයක් ලබාදීමට එකඟතාව පළවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හෙට දිනයේ සියලු මගී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනය වන අතර, මගී ජනතාවට බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බව දුම්රිය නියාමක සංගමය සඳහන් කළේය.

කෙසේ වෙතත්, බඩු ප්‍රවාහන දුම්රිය ධාවන කටයුතුවලින් පමණක් ඉවත් වීමට සංගමය තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

විශේෂ කරුණු කීපයක් මත සලේගේ බිරිගෙන් ජනපතිට ලිපියක් - සම්පූර්ණ විස්තරය මෙන්න

විශේෂ කරුණු කීපයක් මත සලේගේ බිරිගෙන් ජනපතිට ලිපියක් - සම්පූර්ණ විස්තරය මෙන්න

සරත් ෆොන්සේකට ජම්පර් ගහලා ඇතුළට දාද්දි කවුරුත් කතා නෑ - සලේ දවස් 90ක් ඇතුළේ හිටියා රාබු මීයෝ කැරපොත්තෝ ප්‍රශ්ණ නෑ - ගෝටාභයට තහනමක් දැම්මා විතරයි සලේ ගැන පුදුම ආදරයක්නේ

සරත් ෆොන්සේකට ජම්පර් ගහලා ඇතුළට දාද්දි කවුරුත් කතා නෑ - සලේ දවස් 90ක් ඇතුළේ හිටියා රාබු මීයෝ කැරපොත්තෝ ප්‍රශ්ණ නෑ - ගෝටාභයට තහනමක් දැම්මා විතරයි සලේ ගැන පුදුම ආදරයක්නේ