දුම්රිය හරස් මාර්ගයක් දින 04කට වැසෙයි - රියදුරන්ට විශේෂ නිවේදනයක්.

Polonnaruwa Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Aug 08, 2023 11:17 AM GMT
krishani

krishani

Report

පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර මානික්කම් පට්ටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ලබන 10 වනදා සිට 13 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ය.

ඒ අනුව සැතපුම් 160 දම්වැල් 60 දරණ ස්ථානයේ පිහිටි මෙම හරස් මාර්ගය 10 වනදා පෙරවරු හතේ සිට පසුදා පස්වරු 8.30 දක්වා අර්ධ වශයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම 12 වනදා පෙරවරු හතේ සිට පසුදා පස්වරු 8.30 දක්වා එය වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම වසා තැබෙයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ එම කාලය තුළ දී මුස්ලිම් කොළණි පාර දුම්රිය හරස් මාර්ගය ඔස්සේ රථවාහන ධාවනය කළ හැකි බවයි.

ReeCha