රෝහලක කොරිඩෝව පුරාත් කොවිඩ් රෝගීන් පිරිලා (VIDEO)

covid19 ragama infections vaccination hemantha herath
By Sewvandhi Aug 04, 2021 12:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ආසාදිත රෝගීන් නැවත වරක් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාවය ඉක්මවා ගොස් තිබෙනවා.එම රෝහලේ 26 හා 30 යන වාට්ටුවල කොවිඩ් ආසාදිත රෝගීන් මේ වන විට අදාළ වාට්ටුවල කොරිඩෝ තුළද වැතිරී නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ පිළිබදව විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ඕනෑම රෝහලක අනපේක්ෂිත අවස්ථාවකදී වැඩිපුර නේවාසික රෝගීන් පැමිණීමේදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මේ පිළිබදව වගකීම අදාළ රෝහලේ පාලනාධිකාරිය සතුවන බවද ඔහු සදහන් කළා. වෙනත් වසංගත තත්ත්වයන් තුළදීද රෝහල්වල සාමාන්‍ය තත්ත්වය මෙබදු ආකාරයක් ගන්නා බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now