ලොව සුපිරි ක්‍රීඩක රෆායෙල් නඩාල්ට Covid ආසාදිත වෙයි.

By Sewvandhi Dec 20, 2021 01:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයෙකු වන රෆායෙල් නඩාල් හට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා. පසුගිය සතියේ අබුඩාබි හිදී පැවති ප්‍රදර්ශන ටෙනිස් තරගාවලියකින් අනතුරුව නැවත ස්පාඤ්ඤයට පැමිණීමෙන් පසුවයි මෙම ක්‍රීඩකයා හට  කොවිඩ් -19 වැළඳී ඇති බව තහවුරුවී ඇත්තේ.  

සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්පාඤ්ඤ භාෂාවෙන් සටහනක් තබන තිස් පස් හැවිරිදි රෆායෙල් නඩාල් පවසන්නේ තමන් යහපත් සෞඛ්‍ය තත්වයෙන්  පසුවන බවයි. 

කෙසේ වෙතත් නඩාල් අබුඩාබි සහ කුවේට් රාජ්‍යයන් හි ගත කළ කාලය තුළ ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවක් වාර්තා වූයේ නැහැ.  

පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මාස ගනනාවක් ක්‍රීඩාවෙන් ඈත් වී සිටී නඩාල් හට මේ හේතුවෙන් විම්බල්ඩන්, ටෝකියෝ ඔලිම්පික් සහ එක්සත් ජනපද විවෘත තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවුනා.

මේ අතර 2022 ජනවාරි 17 වැනිදා ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ද තමාගේ සහභාගිත්වය අවිනිශ්චිත බවයි ඔහු පවසන්නේ.  

එම තරගාවලියට නොවැක් ජොකොවිච්ගේ සහභාගිත්වය පිළිබඳ සැකයක් මතුව ඇති  අතර, රොජර් ෆෙඩරර් ද දණහිසේ ශල්‍යකර්මයක් හේතුවෙන් මෙම තරගාවලියට එක් නොවන බව පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now