පොලිසියේ මාස්ක් ගලවන්න ගිය ප්‍රසිද්ධ රැප් ගායකයාට අවසානයේ සිදුවූ දේ මෙන්න..
Police
Sri Lanka
Raf filt
Rohitha bogollagama
By Aruna
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන ‘ෆිල්ටි’ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර කෙසෙල්වත්තේ පැවැති වැඩසටහනකට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ රාජකාරියට බාධා කර ඔහුගේ මුව ආවරණය ගැලවීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම රැප් ගායකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැඩසටහන පැවැත්වෙද්දී ඒ අසල කළ අශෝභන ලෙස හැසිරෙමින් කෑ කෝ ගසමින් සිටි බවත් එනිසා පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුට අවවාද කර එම ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇති නමුත් ඔහු එය පිළි නොගෙන ආවේගශීලීව පොලිස් නිලධාරියාට සාපරාධි බලහත්කාරය පා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |