තවත් රට රැකියා ජාවාරමක සුලමුල..

By krishani Aug 01, 2023 12:24 PM GMT
Report

ජෝර්දානයට සංචාරක වීසා මත රැගෙන ගොස් එතැන් සිට පලස්තීනයට කැඳවාගෙන යාමට රදවා සිටි මෙරට ශ්‍රී ලාංකික කාන්තාවන් 43 දෙනෙකු එරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව  විදෙස් වාර්තා කළේ ය.

ඒ පලස්තීනයේ රැකියා ලබා දෙන බව පවසමින් ය.

ඒ අනුව මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ ජෝර්දාන ජාතිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සංචාරකයින් බව පවසමින් මේ පිරිස ජෝර්දානයේ සංචාරක හෝටලයක් තුළ රඳවා ඇත.

පසුව ජාවාරකම්කරුවන් විසින් එම ලාංකික පිරිස වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.

කෙසේ වෙතත්, හෝටලයේ හිමිකරු ජෝර්දාන පොලිසියට කළ දැනුවත් කිරීම මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.