රුපියල් ලක්ෂ 40ක් අතට එන ක්‍රමයක්.. කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නෙ..මේ අංකෙට කතා කරන්න.

Sri Lanka Rabukkana Chamuditha samarawickrama Kotawehera rajamaha wiharaya Police accident
By Aruna Feb 18, 2022 08:03 AM GMT
Aruna

Aruna

Report

රඹුක්කන දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කිරීම සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරක් ලබා දෙන්නකුට රුපියල් ලක්ෂ 25 ක මුදලක් පරිත්‍යාග කරන බව පොලිසිය පවසනවා.

මේ අතර කොට වෙහෙර රජමහා විහාරාධිපති පුස්සැල්ලේ ආරියවංශ හිමියෝ ද රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කරන බව මීට පෙර ප්‍රකාශ කළා.

උන් වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ, ඉකුත් 11 වැනිදා රාත්‍රි හෝ 12 වැනිදා අලුයම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ඉහළ මාලයේ ආරක්ෂිත මංජුසාවක තැන්පත් කර තිබුණු දඹ රන් කරඬුවක්, දම් පැහැති හා සුදු පැහැති පළිගු කරඬු දෙකක්, කේෂ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබුණු පළිගු කරඬුවක්, රන් කරඬ් පහක් හා කරඬුව සහිත මංජුසාවක් යම් කිසි පිරිසක් විසින් සොරකම් කරගෙන යාම සම්බන්ධයෙන් විහාරස්ථානයේ දී ඊයේ (17 වැනිදා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති නාහිමියෝ, මෙම දඹ රන් " ඇතුළු කරඬු නවය සොරකම් කරගෙන ගොස් දැනට දින පහක් හයක් වෙනවා.

විමර්ශන කටයුතු සිදු කරමින් යනවා. නමුත් තාම කිසිම තොරතුරක් දැන ගන්න ලැබිලා නෑ.

මෙම පුරා වස්තු විශාල මුදල්‍යමය වටිනාකමක් නෑ. වසර 2300ට එහා ගිය පුරා විද්‍යා වටිනාකමක් පමණක් මා දන්නා තරමින් තියෙන්නේ.

මේ පුරා වස්තු සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා පුද්ගලයෙක් සිටිනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසේකරගේ 071-5894924 දරන දුරකතන අංකයට හෝ 070-2542162 අංකයට අමතා තොරතුරු ලබා දිය හැකියි.

ඒ වගේම ⁣මාගේ දුරකථන අංකය වන 071-6920275 ද තොරතුරු ලබා දෙන ලෙස සිහිපත් කර සිටිනවා.

යම් නිවැරැදි තොරතුරක් ලබා දෙන්නාගේ රහසිගත භාවය ඒ අයුරින්ම ආරක්ෂා කරනවා.

මේ අනුව මෙම සිද්ධිය ගැන නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට මුදලින් රුපියල් ලක්ෂ 35ක් ලබාගැනීමට හැකිවේ.

මේ අතර ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පසුගියදා එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන්ද නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබා දෙන්නට හිරු සී.අයි.ඒ කණ්ඩායම සූදානම් බව පවසනවා.

මේ අනුව මෙම සිදුවීම් දෙකටම අදාලව තොරතුරක් ලබාදිය හැකිනම් ඔබට රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබාගත හැකිවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now