මට කෝල් කර කර කෙට්ටු වෙන්න කියන්න එපා මට කෙට්ටු වෙන්න ඕනි නෑ ප්ලීස් - කලනගේ වයිෆ් රුචිනිගෙන් බුකිය කළඹන ආන්දෝලනාත්මක සටහනක්

Report

පසුගිය දිනවල කලා ක්ෂේත්‍රයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද වඩාත් කතාබහට ලක්වූ සුන්දර මංගල උත්සවයක් ලෙස කළණ සහ රුචිනි යුවළගේ විවාහ උත්සවය හැඳින්විය හැකිය.

කලාවේ තවත් අපූරු හමුවීමක් සනිටුහන් කරමින් නවදිවියට පස්වූ මෙම යුවළට බොහෝ පිරිසක් සුබපැතුම් එක්කර තිබූ අතර, ඒ අතරතුර ඔවුන්ගේ පවුල් පසුබිම් මෙන්ම බාහිර ස්වරූපය පිළිබඳවද ඇතැම් පිරිස් විවිධ අදහස් පළ කර තිබිණි.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

තම බාහිර රූපකාය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවූ මෙම කතාබහට පිළිතුරු දෙමින් රුචිනි අපූරු සටහනක් තබා තිබේ.

එහිදී ඇය අවධාරණය කර ඇත්තේ තමන්ට කෙට්ටු වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, යම් හෙයකින් කෙට්ටු වීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද තමන් හොඳින්ම දන්නා බවත්ය.

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

එමෙන්ම කෙට්ටු වීම සඳහා සිදුකරන ශල්‍යකර්ම ඇතුළු කෙටි ක්‍රමවේදයන්ට තමන් ඉතා තදින්ම විරුද්ධ වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය දින කිහිපය තුළ මටත්, කළණටත් සුබ පැතුම් එක් කළ, කතා කළ, ආදරය දුන් සියලු දෙනාට ගොඩාක් ආදරෙයි.. ❤️❤️❤️ ඒ අතර මට කෝල් කරමින්, මැසේජ් කරමින් බර අඩුකරගන්නා ක්‍රම, කෙට්ටු වෙන ක්‍රම කියන අය ඒවා කියන්නෙ හොඳ චේතනාවෙන් බව මම දන්නවා.. නමුත් මට කෙට්ටු වෙන්න ක්‍රම දැනගන්න අවශ්‍ය නෑ. ඒ සියලු දේ ගැන මම ඉතා දැනුවත්. Weight loss surgeries ගැන මම හොඳින් දන්නවා. මගේ සමීපතමයන් ඒවා කරලා තියෙනවා. කෙට්ටු වෙන ශල්‍යකර්ම ඇතුළු කෙටි ක්‍රමවලට මම ඉතා තදින් විරුද්ධයි ඒවායෙ side effects සහ අහිතකර බලපෑම් නිසා. ඒ නිසා නැවතත් ඒ ගැන දැනුවත් කිරීම් අනවශ්‍යයි. අස්වාභාවික ක්‍රමවලින් ශරීරයට එක එක දේ කරන්න මම කැමති නෑ. මේ ඉන්ජෙක්ෂන්, ශල්‍යකර්ම තව මෙකී නොකී දේ අලුතෙන් හොයාගෙන කරපු අයට side effect එන්න තව හුඟක් කල් යනවා. ඒ නැතත් මට කෙට්ටු වෙන්න අවශ්‍ය නෑ! මම ඉතා සතුටින් ඉන්න කෙනෙක්. මට කෙට්ටු වෙන්න මේ මොහොතේ අවශ්‍ය නෑ. අවශ්‍ය වුනොත් කෙට්ටු වෙන හැටි මම හොඳින්ම දන්නවා එක පාරක් කිලෝ 47ක් කිසිම කෙටි ක්‍රමයක් නැතුව අඩු කරපු කෙනෙක් හැටියට. ඉතිං ස්තූතියි. ගොඩක් ආදරෙයි. මගේ බර ඔබ ඔසවාගෙන යන එක නවත්තපු දවසට ඔබත් මම වගේම සැහැල්ලු වෙයි