අනිද්දා සිට සේවකයින් පිරිසක් ලෙඩවෙයි...
Colombo
Sri Lanka
Strike Sri Lanka
By Hashini
මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති එකමුතුව අධිවේගී මාර්ග පද්ධතියේ සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදු කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්.
මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති එකමුතුවේ සභාපති ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී එම්.ඒ.අනුලා සහ ඉංජිනේරු සංගමයේ සභාපති පී.එච්.ගුණසිංහ සඳහන් කළේ අනිද්දා සිට ලෙඩ නිවාඩු දමා සේවා කටයුතු වලින් ඉවත් වන බවයි.
කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මේ බව පැවසුවා.
..........................
