ගංවතුරට ඔබේ වගාවන් හානි වුණාද ? භය වෙන්න දෙයක් නැහැ මෙන්න විසදුම්

Report

කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුර තත්වයන් සමග සිදුව ඇති වගා හානි සම්බන්ධව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

 ඒ අනුව තවදුරටත් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ අනිවාර්ය රක්ෂණයට අදාළ බෝගයන් වන වී, බඩඉරිඟු, ලොකුලූනු, අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන්වලට සිදුව ඇති හානි තක්සේරු කර වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බවයි.

වර්තමානයේ පවතින තත්ත්වය යටතේ ඉහත වගාවන් සඳහා සිදුවූ හානි සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නැත.

නමුත් කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ  ගංවතුර බැසගිය වහාම ගොවිජන සේවා මධ්‍යස්ථානයන් හී ඇති හානි දැනුම්දීමේ පොත්වල හෝ සිදුව ඇති හානිය පිළිබඳව හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහතා දැනුවත් කරන  ලෙසයි

අස්වැසුම ගැන ඇහෙන අලුත්ම ආරංචිය

අස්වැසුම ගැන ඇහෙන අලුත්ම ආරංචිය

ඒ පිළිබද අවධානය යොමු කළ යුතු කරුණු ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සදහන් වෙන්නේ සෙසු වගාවන්ට සිදුව ඇති හානි සම්බන්ධවද වගාව පිහිටි ස්ථානයට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන හානි වාර්තා කිරීමේ පොත්වල සටහන් කළ යුතු බවයි.

ඒ වගේම ඊට අමතරව හානි දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා ගැටළු සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයේ හදිසි ඇමතුම් අංක වන 1928 මගින්ද ගොවීන් සදහා පහසුකම් සපයා ඇති බවත් නිවේදනයේ සදහන් වේ.

තවදුරටත් එහි සදහන් වෙන්නේ මෙම හානි සඳහා වන්දි ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව සිදුකරන බවයි.