QR පද්ධතිය සම්පූර්යෙන්ම ක්‍රියාත්මකයි – ගැටලුවක් ඇත්නම් අමතන්න, පිළිපැදිය යුතු කොන්දේසි මෙන්න
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR කේත ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇත.
එය දැනට ක්‍රියාකාරී මට්ටමේ පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) යටතේ ඉදිරියේදී ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රථ වාහන හිමියන් අනුගමනය කළ යුතු පියවර 3 ක් පිළිබඳව බලධාරීන් විසින් අවධාරණය කර ඇත.
වන කාණ්ඩය හඳුනාගෙන ඒ අනුව QR කේතය භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියි . එහිදී දැනටමත් QR කේතයක් හිමි, තම වාහනයේ අයිතිය සහ ලියාපදිංචි කළ දුරකථන අංකයෙහි කිසිදු වෙනසක් සිදු නොවූ වාහන හිමියන්ට, තමන් සතු එම පැරණි QR කේතයම ඉදිරිපත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකියාව ඇත
මීට පෙර ලියාපදිංචි වී ඇති නමුත්, තම QR කේතය අස්ථානගත වී හෝ දුරකථනයෙන් මැකී ඇත්නම් (දුරකථන අංකය සහ වාහන තොරතුරු නොවෙනස් නම්), නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ පද්ධතියට ලොග් වී (Log-in) ජංගම දුරකථනයට ලැබෙන OTP කේතය මගින් නැවතත් සිය QR කේතය ලබාගතගැනීමේ හැකිය.
මීට පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්, තම වාහනය අලුතින් මිලදී ගත් පුද්ගලයන් (අයිතිය වෙනස් වූ) හෝ මීට පෙර ලියාපදිංචි කළ දුරකථන අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන් පද්ධතියේ අලුතින් ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවම කර ගැනීමටත්, කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමටත් ඉහත උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස රථවාහන හිමියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටලුවක් හෝ තව දුරටත් තොරතුරු දැන ගැනීම සඳහා 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු කේන්ද්‍රය ඇමතීමේ හැකියාව ඇත.