QR කෝඩ් එකෙන් ලියාපදිංචි වූ සියලුම දෙනාට දැනුම්දීමක්..

Ceylon Petroleum Corporation Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 22, 2022 01:07 AM GMT
Aruna

Aruna

Report
110 Shares

ඉන්ධන මිලදී ගන්න ජනතාවට සල්ලි නෑ ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිලි අඩුවීමක් දක්නට ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කුමාර රාජපක්ෂ කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිළි ලෙස අඩුවී ඇති බවත් ඉන්ධන මිල ඉහළ යෑම මෙම තත්වයට ප්‍රධාන හේතුව බවයි.

කිව්.ආර්. සංකේතයෙන් සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සතියකට වරක් ලබාගැනීමේ හැකියාව ජනතාවට නොමැති බව ඔහු පෙන්වා දෙයි.

මෝටර් රථයක් සදහා පෙට්‍රල් ලීටර 20 ක් ලබාගැනීමට සතියකට රුපියල් 9000 බැගින් රුපියල් 36,000 අවශ්‍ය වීම නිසා එවැනි වියදමක් කිරීමට ජනතාවට හැකියාව නොමැති කුමාර රාජපක්ෂ සදහන් කරයි.

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 6ක් ලියාපදිංචි වී ඇතැයි තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයිි.

ඉන්ධන බෙදා හැරීම කෝටා ක්‍රමයකට සිදුකිරීම වෙනුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දුන්නේය‍.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now