යුධ ගිනි වැඩිවෙයි - යුද්ධෙට පනින්න හදන රුසියාව - පුටින්ගෙන් ප්‍රකාශයක්

Report

පාකිස්ථානයේදී පැවැත්වුණු ඇමරිකා - ඉරාන සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව, මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබාදීම වෙනුවෙන් පහසුම් සැලසීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) සමග පැවැත්වූ දුරකථන සංවාදයකදීයි.

මැදපෙරදිග කලාපීය ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට රුසියාවේ කැමැත්ත පුටින් මෙහිදී අවධාරණය කර ඇත.

ඊශ්‍රායලය ඇමති අල්-අක්සා මුස්ලිම් පල්ලියට ගිහින් - ආයෙත් යුධ ගැටුමක් මතුවෙයිද?

ඊශ්‍රායලය ඇමති අල්-අක්සා මුස්ලිම් පල්ලියට ගිහින් - ආයෙත් යුධ ගැටුමක් මතුවෙයිද?