පුටින්ගෙන් ඊශ්‍රාලයට ඇමතුමක් - මොකක්ද මේ වෙන්න යන්නේ?
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකථන සංවාදයක් පවත්වා ඇත.
මෙහිදී රුසියානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අගමැතිවරයා මැදපෙරදිග පවතින තත්ත්වය සහ ඉරානය අවට පවතින වාතාවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ.
ප්‍රධාන වශයෙන්ම ඉරානය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර ඉරානය සමඟ පවතින අර්බුදකාරී තත්ත්වයේදී, ඒ සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කරමින් රුසියාවේ සහාය ලබා දීමට රුසියානු ජනාධිපතිවරයා මෙහිදී නෙතන්යාහුට යෝජනා කර ඇත.