පුටින්ගේ සමීපතමයෙකුගේ දියණියක් ජීවිතක්ෂයට පත් වූ හේතුව...
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ සමීපතමයෙකුගේ දියණියක් ගමන් ගත් මෝටර් රථය පුපුරා යෑමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොස්කව් අගනුවර අධිවේගී මාර්ගයක දී මෙම පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇලෙක්සැන්ඩර් ඩූගින් ගේ දියණියයි. ඇය ව්ලැද්මීර් “පුටින්ගේ මොළය” ලෙසින් හැඳින්වෙයි.
ඩාරියා ඩූගින් නම් අදාල තරුණිය සෙනසුරාදා සවස පැවැති උත්සවයකට සහභාගි වී නැවත තම නිවසට මෝටර් රථයෙන් යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර ඇත.
බුද්ධි අංශ සදහන් කලේමෙම ප්‍රහාරය ඇලෙක්සැන්ඩර් ඩූගින් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයක් බවයි. ඇලෙක්සැන්ඩර් ඩූගින් සිය දියණිය සමඟ එම රථයේ ගමන් කිරීමට සැලසුම් කර සිටියත් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කිරීමත් සමඟ ඔහුගේ ජීවිතය බේරුණු බවයි රුසියානු බුද්ධි අංශ සඳහන් කලේ.
30 හැවිරිදි ඩාරියා ඩුගිනා වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් වන අතර, ඇලෙක්සැන්ඩර් ඩූගින් රුසියානු ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වන අතර “පුටින්ගේ මොළය” යන අන්වර්ථ නාමයන් හඳුන්වනු ලබනවා.
ඇලෙක්සැන්ඩර් ඩූගින් සැලකෙන්නේ අන්ත ජාතිකවාදී මතවාද දරන්නෙකු ලෙසටයි.