නිති නැත්නම් නීති හදලා හරි කෙහෙලියව ඇතුලට දාන්න - ඇමති නලින්ද

Keheliya Rambukwella Law and Order Medicines Nalinda Jayatissa Sinhala news
By Mithu Jun 20, 2025 02:11 PM GMT
Mithu

Mithu

Report

බාල ඖෂධ ගෙන්වා ජනතාව රැවටූ හිටපු සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම සිදුවීමට බොහෝ අවස්ථාවන්වලදී සිරගත වූ අතර ඔහුගේ පවුලේ දුව දියණිය බිරිඳ ඇතුළු පිරිසද සිරගත වීමට ලක්විය.

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට

පසුගියදා ඇප කොන්දේසී සම්පූර්ණ නොකිරීම නිසා කෙහෙළිය ඇතුළු පිරිස නැවත සිරගත කළද ඇප කොන්දේස සම්පූර්ණ කෙරූ පසු ඔවුන් නිදහස් විය.නමුත් වර්තමාන සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ඔවුන් පිළිබඳව කියන්නෙ වෙනස්ම ආකාරයේ කතාවක්.

" කෙහෙළිය අමාත්‍යවරයාට එල්ලවෙන චෝදනාවට අදාල හුයුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ තවත් ඖෂධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අංශ කිහිපයක් දියත් වුණා? IMMUNOGLOBULIN NEWS RITUXIMAB අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරා, ඒක හින්ද තමයි මේ මේකේ කිසිම බෙහෙතක් නැහැ, ඖෂධයක් නැහැ, ඒකේ තිබුනේ සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් වෙනත් ද්‍රාවණයක් කියලා හෙළිදරව් වුණේ.

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඉතින් මේවා ඇත්තටම ජාතික අපරාධ... මේවට රටේ නීති ප්‍රමාණවත් නැත්නම් අලුතෙන් නීති හදලා හරි දඬුවම් කරන්න ඕන? මොකද මිනිස් ජීවිත විනාශ කරලා තිබෙන්නේ, එතකොට මේ මොකක්වත් නොදන්නා රෝගියාට මේ බෙහෙත් ලබා දීලා තියෙනවා සහ ඇත්තටම මේ ඖෂධය තියෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව විශ්වාස කරලා ඒ රෝගීන්ට මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශේෂඥ වෛද්‍යවරු බෙහෙත් ලබා දීලා තියෙනවා.

ඉතින් මේ සියලු දෙනා රවට්ටලා තමයි කෙහෙළිය ඇමතිවරයා ඇතුළ ඒ කණ්ඩායම කටයුතු කරලා තිබෙන්නේ? අධිචෝදනා භාර දීලා දැන් ඒ කටයුතු සිදු වෙමින් පවතිනවා, අනිවාර්ය වශයෙන් දඬුවම් ලැබෙනවා. - සෞඛ්‍ය අමාත්‍ය නලින්දජයතිස්ස "

උපාධිධාරී වුණත් විද්‍යාපීඨ වුණත් ආයේ ගුරුවරු බඳවා ගන්නේ මෙහෙමයි

උපාධිධාරී වුණත් විද්‍යාපීඨ වුණත් ආයේ ගුරුවරු බඳවා ගන්නේ මෙහෙමයි

ReeCha