ලංකාවේ බොරු කරාට එහෙ බොරු කරන්න බෑ ඩාලිං.Mrs World 4 වෙනියා කියූ පුෂ්පිකාට නැවතත් වැඩ වරදී (PHOTOS).

Caroline jurie Pushpika the silva Mrs world srilanka mrs srilanka 2021
By Sithumi Jan 17, 2022 04:02 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල සමාජ ජාලාවල නිතර නිතර කතාවෙන චරිතයක් තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නේ, ඒ 2021 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුලේ ජයග්‍රාහිකාව ලෙස තේරුණ ඇයගේ කිරුල ලෝක විවාහ රූ රැජින වන කැරොලින් විසින් ගලවා දෙවන ස්ථානය ලබාගත් තැනැත්තියට පැලඳවීම නිසා. ඉතින් මේ සිදුවීම සමාජ ජාලා උණුසුම් කරන පුවතක් වුනා. 

කරෝලින්ගේ මේ ක්‍රියාව ගොඩක් දෙනා විවේචනය කරලා තිබුනා.පුෂ්පිකා ද සිල්වා කියන්නේ 2011 වර්ෂයේ ශ්‍රී ලාංකික රූ රැජිණ කිරුල දිනාගත් තරුනියි. ඉතින් ඇයත් දැන් කාලෙන් කාලෙට පුවත් මවන්නියක් වෙලා තියනවා. මේ දිනවල ඇය ගැන වැඩිපුර කතා ගහ කරන්නේ ඇය ලංකාව නියෝජනය කරමින් 35 වනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමට ඇමරිකාව බලා යාමත් සමඟයි

. එහිදී එම තරඟයේ 4 වෙනි ස්ථානය දිනාගත් බව ඇය තම සමාජ මාධ්‍ය ගිණුමේ පල කිරීමත් සමඟ බොහෝ දෙනා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතින් පුශ්පිකා ලෝක විවාහක රූ රැජින තරගයෙන් හතරවන ස්ථානය දිනාගෙන ඇති බවට විවිධ් මාධ්‍යන් හී පලවෙන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකාංකීය ඡායාරූප ශිල්පියකු වන ඔස්කාර් නෝනිස් මහතා පවසනවා.වෘතීමය ඡායාරූප ශිපියෙක් වන ඔස්කාර් නෝනිස් මේ වන විට ජීවත් වන්නේ ද ඇමරිකා එක්සත් ජනපදයේ වන අතර ඔහු විසින් මෙවැනි අන්තර්ජාතික ඉසව් බොහෝමයක් ආවරණය කර තිබෙනවා

, ඉතින් ඔහු ඒ ගැන කියන්නේ මේ විදිහටයි. ලෝක විවාහක රූප රාජිණි තරඟයේද වෙනත් රූප රාජිණි තරඟයන්මෙන්ම එහි ජයග්‍රාහකයෙකු නැත්නම් කිරුළ හිමිකරන්නෙකු ඇත. මේවා ප්‍රථම ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය, හතරවන ස්ථානය, පස්වන ස්ථානය ආදී කියා වෙන වෙනම ස්ථාන ලබාදෙන්නේ නැත.

රූප රාජිණි තරඟ යනු 1, 2, 3, 4, 5 ලෙස තෝරන බයිසිකල් රේස් එකක් වගේ නොවේ.ඊයේ ලාස් වේගස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූප රාජිණි තරඟයේ කිරුළ හිමිකරගත්තේ ඇමරිකාව නියෝජනය කළ කාන්තාවයි.

මෙහිදී අවසන් තිදෙනා අතරට පැමිණි ජෝර්දානයේ කාන්තාව 1st Runner Up ලෙසත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාව 2nd Runner Up ලෙසත් නම් කෙරුනා.1st Runner Up යනු දෙවන ස්ථානය නොවේ, 2nd Runner Up යනු තෙවන ස්ථානයද නොවේ. Runner Up යනුවෙන් හඳුන්වන්නේ යම් තරඟයක් ජයග්‍රහණය කළ කෙනෙකුට පසු ස්ථානය හිමිකරගත්, තරඟයක් ජයග්‍රහණය නොකළ කෙනෙකුටයි.මෙහි ඇති ඊළඟ වටය වන්නේ Top 6 වටයයි.

මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා සහ තවත් කාන්තාවන් 5 දෙනෙකු මේ වටයට ඇතුළත් වුනා. මේ වටයේ කිසිදු ජයග්‍රාහකයෙකු නැත. පුෂ්පිකාව මේ වටයෙන් ඉවත්කරන්නේ එම වටයේ අවසානයා ලෙස වුවත් එය එම තරඟයේ හතරවන ස්ථානය නොවේ.මේ Top 6 වටයෙන් ඉවත්කළ කාන්තාවන් තිදෙනාටම ඇත්තේ මුල් 6දෙනාගේ වටයට ඇතුළත්වීමේ සුදුසුකම පමණයි.

. ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලින් සහ විවිධ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර ශ්‍රී ලංකාව මෙම තරඟයේ හතරවන ස්ථානය හිමිකරගත්තා කියා බොරු / වැරදි / අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්න එපා කියා.කියලා ඔහු සඳහන් කරා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ සහ නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ වෘත්තීමය කටයුතු සිදු කරන වර්තමානයේ කා අතරත් ජනප්‍රිය චරිතයක් වන විශ්ව පෙරේරාත් මේ විදිහට තම සමාජමාධ්‍ය වෙත අපුරු සටහනක් එක කර තිබුනා.

එහි සඳහන්ව තිබුනේ මේ ආකාරයටයි. ලංකාවෙ මෙහෙ බොරු කළාට එහෙ බොරු කරන්න බෑ ඩාලිං. කැරොලයින් ජූරි ඔයා තමයි හොඳම mrs world අනේ ඊලගට මිසිස් ශ්‍රි ලංකා 4වැනි ස්තානය කියලා වැලලෙන්න හදන්න් එපා. එහෙම එකක් නෑ. අවසාන තරගාකාරියන් තිදෙනා පමනි කියලයි ඔහු අවසානයේ පැවසුවේ


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery