පුෂ්පිකා තවත් නඩුවකට පැටලෙයි..මිලියන 200ක් ගෙවන්නත් වෙයි?!!
පසුගිය වසරේදී Mrs.Sri Lanka ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය එරෙහිව නඩු පැවරීමට විජය පුවත්පත් ආයතනයේ සේවය කරන නිවේදකයෙක් වන ධනූ ඉනසිතම්බි මහතා සූදානම් වනවා.
ඒ අනුව මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන්හි උප සභාපතිවරිය ටානා ජොන්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුව ඔහුට පුෂ්පිකා ද සිල්වා මහත්මිය දුරකතනයෙන් තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම නඩු පැවරීම සිදුකෙරන බවයි ධනූ ඉනසිතම්බි මහතා සදහන් කරන්නේ.
එමෙන්ම පසුගියදා චන්දිමාල් ජයසිංහ මහතා සමඟ ධනූ ඉනසිතම්බි මහතා සිදුකල සම්මුඛ සාකච්ඡාවකට අදාළවද පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමාජ මාධ්‍ය තුළ අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ සිදුකර ඇති බැවින් රුපියල් මිලියන 200ක් ඉල්ලා නීතිඥවරියක් මාර්ගයෙන් එන්තරවාසි යොමුකර තිබෙනවා.
එමගින් දක්වා ඇත්තේ තමන්ගේ කීර්ති නාමයට පුෂ්පිකා ද සිල්වා මහත්මිය හානි කර ඇති බැවින් එම වරද නිවැරදි කර තමන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවයි.
කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියද මීට පෙර පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා එන්තරවාසි යොමුකර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |