පුෂ්පිකා යළිත් ගැටලුවක - ප්‍රසිද්ධ වැඩසටහන් නිවේදකයෙකුට පුෂ්පිකාගෙන් තර්ජන..ප්‍රසිද්ධියේ සමාව නොගත්තොත් කරන දේ කියයි..
ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ධනු ඉන්නසිතම්බි නීතිඥවරියක මාර්ගයෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලා එන්තරවාසි ලිපියක් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණි පුෂ්පිකා ද සිල්වාට යොමු කර තිබෙන බව වාර්තා වනවා.
පුෂ්පිකා ද සිල්වා ඔහුට දුරකථනයෙන් තර්ජනය කළ බවත්, ඇයට එරෙහිව ඔහු පසුගියදා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවත් වාර්තා වනවා.
ධනු ඉන්නසිතම්බි ගේ මාධ්‍ය කීර්ති නම පළුදු කර ඇතැයිද ඒ වෙනුවෙන් වරද නිවැරදි කර සමාව ඉල්ලා සිටිය යුතු බවත් නැතිනම් රුපියල් මිලියන 200ක අලාභය ගෙවන ලෙසත් පුෂ්පිකා ද සිල්වා වෙත යැවූ ඉල්ලීම් ලිපියේ දැක්වෙන බව සඳහන්.
මීට ඉහත හිටපු ලෝක විවාහක රූ රැජිණි රෝසි සේනානායක මහත්මියද පුෂ්පිකාට එරෙහි මිලියන 500 ක එන්තරවාසි ලිපියක් යොමු කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබෙනවා.
පසුගිය දා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඒ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය පැවැත්වීමට බලය ඇති සිය සංවිධානය වෙත පැවරී ඇති නිත්‍යානුකූල බලතල අනුව බවයි.
යොමු කළ ලිපිය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



