අපිට ලැබෙන්න යන අලුත්ම සහය...සාදරයෙන් පිළිගනී...(PHOTO)
මෙරට රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් පැවැත් වුණ බවට තොරතුරු වාර්තා වේ.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී බව සඳහන්.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?
මෙහි දී සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ ලෙවාන් එස්. ජගාරියන් මහතා කියා ඇත්තේ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වසරේදී මෙරට සංචාරයක නිරත වීමට කැමැත්ත පළකර ඇති බවයි.
එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත රුසියානු තානාපතිවරයා තම ප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්.
එසේම ඔහු පවසා සිටියේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට රුසියානු රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බවයි.
ඒත් සමඟම නාස්තිය සහ වංචා දුෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද රුසියානු රජයේ ප්‍රශංසාව නානාපතිවරයා මෙහි දී පළ කර ඇති බව සඳහන්.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයන්හි අභිවෘද්ධිය සඳහා අවශ්‍යය සහාය ඉදිරියටත් නිබඳවම ලබා දෙන බවයි.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා රාජ්‍යයට ඉතා සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නා බව ද ප්‍රකාශ කර තිබෙනවා.


