“කෙහෙළිය රඹුක්වැල්ල සහ ලලිත් කුගන් දෙදෙනා අත්අඩංගුවේ ඉන්නවා කිව්වා” - පුබුදු ජාගොඩ සියලු අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින බව කියයි [VIDEO]

Report

සියලු අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් සත්‍යය හෙළි කරන ලෙස බලකරමින් ඊයේ, 10.00ට අලුත්කඩේදී නිහඬ විරෝධතාවක් ද සංවිධානය කර තිබිණි. එහිදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ, ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් 2011 දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී පැහැරගෙන අතුරුදන් කර ඇති බවයි.

ඔහු සඳහන් කළේ, එම සිදුවීමෙන් පසු පැවති කැබිනට් මාධ්‍ය හමුවකදී එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල, ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ පසුවන බවත්, අධිකරණයට ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කළ බවයි.

පුබුදු ජයගොඩ මහතාට අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2011 වසරේදී අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කර ඇති අතර, පසුව එහි විමර්ශන කටයුතු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කර තිබේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි ලබාදෙමින් කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත්තේ, එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් උපදෙස් මත තමන් එම ප්‍රකාශය සිදු කළ බව යැයිද ඔහු සඳහන් කළේය.

එක තැනක තිබුණා මමයි අනුර සහෝ­ද­ර­යයි හරිනි සහෝ­ද­රි­යට වස දෙන්න යනවා කියලා.. හරිනි ගැන කියන්න ටිල්වින් කට අරී

එක තැනක තිබුණා මමයි අනුර සහෝ­ද­ර­යයි හරිනි සහෝ­ද­රි­යට වස දෙන්න යනවා කියලා.. හරිනි ගැන කියන්න ටිල්වින් කට අරී

ඒ අනුව 2019 අප්‍රේල් මාසයේදී මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂට නියෝග කර තිබූ බවද පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ඔහු චෝදනා කළේ, ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාද කළ බවයි. වසර ගණනාවක් පුරා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදු කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපතිවරයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ලලිත් සහ කුගන් අතුරුදන් කිරීමේ සිද්ධිය පමණක් නොව, මෙරට සිදුවූ බව කියන අනෙකුත් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන්ද සත්‍යය හෙළි කළ යුතු බවයි.

රාජපක්ෂ ආණ්ඩුව විසින් පත් කළ මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාවේ අතුරුදන් වූ පුද්ගලයන් 25,000කගේ නම් ඇතුළත් බවත්, ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවක බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් 30,000ක් පිළිබඳ සඳහන් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම, සත්‍යය හෙළි කිරීම, වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ එවැනි සිදුවීම් අනාගතයේදී වැළැක්වීම වැදගත් බවද පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය. ඒ සඳහා නීතිමය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් අඛණ්ඩව කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මඩකළපුවටම සුබ ආරංචියක් - මේ සියලු ගැටලුවට කඩිනම් විසඳුම්

මඩකළපුවටම සුබ ආරංචියක් - මේ සියලු ගැටලුවට කඩිනම් විසඳුම්