වැට් බද්දට හසු නොවන භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

Sri Lanka Politician Businessman Income Tax Department
By Aruna Dec 21, 2023 07:32 AM GMT
Aruna

Aruna

Report

2024 ජනවාරි මස පළමුවනදා(01) සිට ක්‍රියාත්මක වන වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

එලෙස වැට් බද්දට යටත් නොවන එම භාණ්ඩ අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

01. ළඳරු කිරිපිටි

02. තිරිඟු පිටි

03. දේශීය ඇඟලුම් නිෂ්පාදන

04. අධ්‍යාපන සේවා

05. පොදු මගී ප්‍රවාහන සේවා

06. විදුලිය බෙදා හැරීම

07. භූමදාන සහ ආදාහන සේවා

08. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආගමන කවුන්ටරයෙන් ඔබ්බට ආපනශාලා සේවා

09. විදේශ දූත මණ්ඩල සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් වෙත භාණ්ඩ හා සේවා

10. ආපදා සහන සඳහා විදේශීය සංවිධාන මගින් අරමුදල් සපයන භාණ්ඩ හෝ සේවා

11. මුල්‍ය සේවා (විවිධ කාණ්ඩ)

12. සෞඛ්‍ය සේවා (රෝහල් කාමර ගාස්තු හැර)

13. දේශීයව නිෂ්පාදනය කරන අත්යන්ත්‍ර රෙදිපිළි

14. සහල්, සහල් පිටි සහ දේශීයව නිෂ්පාදනය කරන ලද පාන්

15. සකස් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ ධීවර නිෂ්පාද

16. ඉන්ධන ඇතුලු භාණ්ඩ කිහිපයක්.

මෙලෙස වැට් බද්දෙන් නිදහස් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ReeCha