පොදු ප්‍රවාහන අත්‍යවශ්‍ය සේවයේ නීතිරීති තදින්ම ක්‍රියාත්මකයි.

Sri Lanka Government Of Sri Lanka New Gazette
By Hashini Oct 05, 2023 07:44 AM GMT
Hashini

Hashini

Report

පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට ගත් තීරණය තදින්ම ක්‍රියාත්මක කිරීමට ඊයේ (04) රාත්‍රියේ රජය තීරණය කර තිබෙනවා.

මෙම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා දුම්රිය ද ඇතුළත්.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් 12 දා නිකුත් කරනු ලැබුවා.

මෙම ගැසට් නිවේදනය යටතේ රජය බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ සේවයට වාර්තා නොකරන දුම්රිය හා පොදු ප්‍රවාහන සේවාවන්ගේ සියලුම සේවකයන් සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙය බල පැවැත්වෙන්නේ මාසයක කාලයක් සඳහායි. 

ReeCha